Header Ads

Screen එක Touch වෙන්නේ කොහොමද?

Screen එක Touch වෙන්නේ කොහොමද?



හොඳායි අපි පටන්ගමු.... අපි දවසට අඩුම පැය 2කක් 3ක් වත් අපේ ජංගමේ ගතකරනවනේ ඒත් කවුරුවත්ම විහිලුවටවත් හිතුවද අපි ඕම ගතකරන කාලය තුල "කෝමද දෙයියනේ මේ touch screen එක වැඩ කරන්නේ?" කියලා... අඩ මං කියල දෙන්න යන්නෙ අන්න ඒ කවුරුත් අහපු නැති ප්‍රශ්නයට උත්තරේ තමයි..

හරි දැම් මෙහෙමයි කතාව, ලෝකෙ තියන ස්මාර්ට් ෆෝන් වල ප්‍රධාන වශයෙන් touch screen වර්ග දෙකක් තියනවා.. ඒවා තමයි,
1. RESISTIVE TOUCH SCREEN
2.CAPACITIVE TOUCH SCREEEN
          කියන දෙක.

1.RESISTIVE TOUCH SCREEN.

හොඳයි, අපි දැන් මුලින්ම බලමු Resistive touch screen එකක් ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියලා. මෙන්න මේ resistive කියන නමේ තියන විදියටම තමා මේ screen වැඩ කරන්නේ ඒ කීවෙ මෙන්න මේ screen මඟින් අපේ touch  එක resist කරනවා. මෙන්න මේකමෙහෙම වෙන්න හේතුව තමයි මේ screen එකේ දකින්න තියන විද්‍යුතය ගමන් කරන layer  එකක් සහ විද්‍යුතය ගමන් නොකරන layer එකක් එක මත එක ගැටීමෙන්.


1.Scratch resistant layer
2.Polyethylene layer
3.Electrical Conductive layers
4.Indium Tin Oxide layer
5.Spacer dots
6.Display
7.Touch
8.Touch Screen Controller Circuit



මෙන්න මේ උඩින් තියන රූපයේ දැක්වෙන විදිහට මේ ඉතා සිහින් කහ පැහැති layer  දෙක විද්‍යුත් සන්නායක වෙනවා. මෙන්න මේ කහපාට layers දෙකෙන් උඩ තියන layer එක Polyethylene layer එකක් වගේම යටින් තියන ලේයර් එක Indium Tin Oxide layer එකක් වෙනවා. මේ polyethylene layer එක පීඩනය යෙදෙනවත් එක්කම නැමීමට ලක් වෙන බවක් අපිට දැකගන්නත් පුලුවන්.මෙන්න මේ layers දෙක වෙන්කරලා තියාගන්නේ spacers නැමැති ඉතා කුඩා dots භාවිතාවෙන් නිර්මාණය කරගත්ත හිඩැසක් මඟින්. (මෙන්නෙ  මේ layers වලට අමතරව මීට උඩින් scratch-resistant layer එකක් යොදාගැනීමත් සිදු කරන්න පුලුවන්). දැන් මේ layers දෙකට පිටතින් අපිට බලාගන්න පුලුවන් ඉතාමත්ම තුනී කලුපාට තවත් layer දෙකක් අන්න ඒ layers දෙකෙන් එකක් විද්‍යුත් පරිවාරක හා අනික විද්‍යුත් සන්නායක වෙනවා.  අන්න ඒ ටික මතක තියාගෙන අපි ඊලඟ කොටසට යමු.

හොඳයි, අපි කලින් කතා කරපු කහපාට layer දෙක අතරින් කොයිවෙල්වෙත් කුඩා current එකක් යනවා. අපි touch screen එකේ අපිට ඕනෙ තැන touch කරාම වෙන්නෙ මෙන්න මේ electrical flow එක disrupt වෙන එක.. ඒ කියන්නේ අපි touch කරන තැන අර current flow එක වෙනස් වෙනවා. ඔන්න ඔය වෙනස සිද්දවෙන තැන අපේ phone එකේ එහෙමත් නැත්තන් ATM machine එකේ තියන software එක මඟින් detect කරලා අන්න ඒ තැනට හරියන X හා Y ඛණ්ඩාංක වලට අදාලව display එකේ තියන තැන touch වෙනවා.

Resistive touch screens ගොඩක්ම විශ්වාස දායකයි. ඒත් ඒක වැඩිපුර.. එහෙමත් නැත්තන් ජංගම දුරකතන නිශ්පාදනවලට යොදා ද්නොගන්න ඉතාමත්ම ප්‍රබල හේතු දෙකක් තියනවා. ඒවා තමයි,
1.Resistive Screens වල එක් වරකට එක් ආදානයක් විතරයි දෙන්න පුලුවන් වෙන්නෙ. එතකොට multi-touch පහසුකම නැතිවෙලා යනවා.
2.Resistive Screens වල layes සෑහෙන ප්‍රමාණයක් තියෙන නිසා හිරු එලියට පෙනීම දුර්වල වෙනවා. ඒකට හේතුව වෙන්නෙ මේ layers නිසාවෙන් එලිය reflect වෙන ගතිය වැඩිවෙන එකයි.

අන්න ඔය හේතු නිසා දැනටම Resistive Touch Screens ATM යන්ත්‍ර සහ වෙළඳසැල් වල තියෙන Cash machine වැනි දේ වලට පමණක් සීමා වෙලා තියනවා.

2.CAPACITIVE TOUCH SCREENS.


හරි අපි දැන් ජංගම දුරකතන වල commonම touch screen වර්ගය වෙන capacitive screens ගැන කතා කරමු. මෙන්න මේ capacitive screens, resistive screens වගේ කෙනෙකුගේ හෝ යම් දෙයක පීඩනය තමන්ගේ screen එක මතට වැටෙනකල් ඉන්නෙ නෑ touch  වෙන්න. ඒ වෙනුවට මෙන්න මේ screens electrical chargeඑකක් තියන ඕනෙම දෙයක් එක්ක ක්‍රියාත්මක වෙනවා මිනිස් සම ඇතුලත්ව.(ඔව් බන් ඔව්.. මිනිස්සුන්ගේ ඇගෙත් electrical current එකක් තියනවා. මොකද මිනිසා කියන්නෙත් පරමාණු වලින් හැදිච්ච දෙයක්නේ.. ඒ කියන්නේ පරමාණු වල ධන ඍණ ආරෝපණ තියනවනේ)

මෙන්න මේ අපි දැන් කතා කරන Capacitive touch screens  නිර්මාණය කරල තියෙන්නේ Cu(තඹ) හෝ Indium Tin Oxide(ඉන්ඩියම් ටින් ඔක්සයිඩ්) කියන විද්‍යුතය ගබඩා කරලා තියාගන්ම පුලුවන් වෙන ලෝහයකින් නිර්මාණය කරපු ඉතා කුඩා වයර් grid එකකින්. මෙන්න මේ වයර් එකක් සාමාන්‍යයෙන් මිනිස් හිසකේ ගසකට වඩා ඉතා කුඩා වෙනවා.


මෙන්න මේ Capacitive touch screen වලත් ප්‍රධාන වර්ග දෙකක් දක්නට ලැබෙනවා ඒවා විදියට අපි නම් කරන්නේ,
I.Surface Capacitive Touch Screens
II.Projective Capacitive Touch Screens

I.Surface Capacitive Touch Screens.

මෙන්න මේ Surface Capacitive Touch Screens වැඩ කරන්නේ මං අර කලින් කීවා වගේ grid එකක කොන් වල sensors සහ grid එක තුල ඉතා තුනී ලෙසට සහ එක ගානට distribute කරපු Cu හෝ ITO ස්ථරයක් යොදා ගනිමින්. මේකෙදී අපි touch කරන තැන දී ඉතා කුඩා electrical current එකක් අපේ අතට ඇවිල්ලා පරිපථය සම්පූර්ණ කරනවා.එහෙම උනාම අපි touch කරන තැන voltage drop එකක් වෙන්වා. එතකොට මේ screen එකේ කොන් වල තියන sensors මඟින් අන්න ඒ voltage එක drop වෙන ස්ථානය හඳුනාගැනීම සිදුකරනවා. එතකොට ඊට යටින් display එකේ තියන දේ touch වීම සිද්ද වෙනවා.




II.Projective Capacitive Touch Screens

Projective Capacitive Touch Screens වල තියන වෙනස තමයි touch screen එකේ කොන් වලින් sensors තියන්නෙ නැතිව grid එකේ rows හා columns වලට  වෙන වෙනම sensing chip යොදාගැනීමයි. මේක ක්‍රියාත්මක වෙන්නෙත් කලින් අපි කතා කරපු විදියටම තමයි.

මෙන්න මේ voltage drop වෙන්නනම් විද්‍යුතය ගමන් කරන මාධ්‍යක් screen එක මත ගැටීම අනිවාර්යයෙන් සිද්දවෙන්න ඔනේ. ඒ නිසා තමයි capacitive touch screens, අපි gloves දාගෙන ඉන්නකොට වගේම ඇඳුම්,රෙදි අතරින් touch වෙන්නෙ නැත්තේ.





මේ වෙනකොටත් අලුත් අලුත් touch screens නිර්මාණය කරන්න විද්‍යාඥයන් වෙහෙසවෙමින් ඉන්නවා. ඒත් ඉතින් මේ වෙනකොට මේ capacitive touch screens තමයි industry standard එක විදියට භාවිතා වෙන්නෙ. මෙන්න මේ screen වල තියන ලොකුම දුර්වලතාවය තමයි මෙවගේ ඉතා කුඩා electrical charge එකක් ගෙනියන නිසා විශාල මතුපිටක් ආවරණය කරන්න අපහසු වීම.

මීලඟට මෙන්න මේ touch screen industry එකට එන්න පුලුවන් කම තියන ප්‍රදානම touch screen ආකාරය විදියට සැලකෙන්නේ PERCEPTIVE PIXEL ආයතනයේ මෘදුකාංග ඉන්ජිනේරුවන් විසින් FRUSTRATED TOTAL INTERNAL REFLECTION(a.k.a. FTRI) කියන තාක්ෂණය යොදා නිර්මාණය කරගනිමින්‍ යන Touch Screen තාක්ෂණයයි. මේ FTRI තාක්ෂණය යොදාගන්නේ අඟල් 82,42 පමණ වන විශාල screen සඳහා යි.

මෙකෙදී වෙන්නේ මේ screen එකාල්ලනකොට අපි ඒ screen එකේ තියන light  එක ප්‍රකිරණය කරනවා. ඒ කීවෙ අපි ඒ screen එකේ තියන එලිය විසිරවා හරිනවා. මෙන්න මේ ප්‍රකිරණය කිරීම screen එකට යටින් තියන camera කීපයකින් ලබාගැනීමයි. මේකත් අර කලින් කතා කරපු Capacitive Screen එකකින් electrical current drop වීම detect කරනවා වගේ වැඩක් තමා.





කොහොමහරි මෙන්න මේ තාක්ෂණය එන්නනම් සෑහෙන කාලයක් ගතවෙයි කියලා තමා මටනම් හිතෙන්නේ.

මෙච්චර වෙලාවක් මාත් එක්ක රැඳී ඉඳලා දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා. තවත් දවසක මේ වගේම ලිපියකින් හමුවෙමු. ඔබට ජය!!

2 comments:

Powered by Blogger.