Header Ads

බයෝමෙට්‍රික්ස් (Biometrics)


•මොනවද මේ බයෝමෙට්‍රික්ස් කියන්නේ?
~ බයෝමෙට්‍රික්ස් කියලා හඳුන්වන්නේ මිනිහෙකුගේ භෞතිකමය හා චර්‍යාමය ක්‍රියාකාරීත්වයන්ගේ ආවේණිකත්වය හඳුනාගෙන ඒ අනුව ස්වයංක්‍රීයව ඒ මිනිසාව හඳුනාගැනීම යි. ඒ ලෙසට හඳුනාගැනීමට යොදාගන්නා ගුණාංගයන් හා අවයවයන් ලෙස මුහුණ(facial recognizing), ඇඟිලි සලකුණු(fingerprints), අතිලේ ජ්‍යාමිතිය(hand geometry), ඇස(iris), දෘෂ්ටිවිතානය (retinal), නහර(vain) සහ කටහඬ(voice) හඳුන්වන්න පුලුවන්. ඒ වගේම මේ බයෝමෙට්‍රික්ස් ඩේටා තමන්ගේ පෞද්ගලික තොරතුරුවලින් පැහැදිලිව වෙනස්වන නිසා මේවා යොදාගෙන clientගෙ information එක එක companies වලට ලබාගන්න බැරිවෙනවා. ඒක නිසා ඒවගේ security එක වැඩියි.
දැන් අපි මොනවා කොහොම කීවත් බයෝමෙට්‍රික්ස් යූස් කරන එක කිසිම අපහසුතාවකට ලක් වෙන්නෙ නැතුව හරි ලේසියෙන්  හා පහසුවෙන් කරගන්න පුලුවන් වීම තමා මේ වෙනකොට මාකට් එකේ මේ බයෝමෙට්‍රික් සිකියුරුටි වැඩි වැඩියෙන් භාවිතාවෙන්න හේතු වෙන්නේ...

•Fingerprints වැඩකරන්නේ කොහොමද??
~Fingerprint scanner එකක ප්‍රධාන රාජකාරි දෙකක් තියනවා,ඒවා විදිහට ගනන්ගන්නේ යූසර්ගේ ඇඟිල්ලේ ඉමේජ් එකක් ගන්නවා.. ඊලඟට ඒකෙන් තීරණය කරනවා ඇඟිල්ලේ තියන රේඛා වල ගැටිති හා නිම්න කලින් scan කරලා තියාගත්ත Fingerprint එකේ ඉමේජ් එකේ රේඛා සහ නිම්න වලට ගැලපෙනවද කියලා බලන එක.


~දැම් ඉතින් ඒම වෙනකොට කෑගහන්න යන්න එපා ඕනෙ එකෙක්ගේ ඇඟිලි සලකුණු තියනවානේ ඒක පාස් කරන එක ගේමක් නෙවේනේ කියලා. මොකද ලෝකේ ඉන්න ඕනෙම මිනිහෙකුගේ සතෙකුගේ ඕනෙම එකෙකුගේ ඇඟිලි සලකුණ අයිතිවෙන්නෙ ඌට විතරම තමා ඒකෙ කොපියක් වෙන කාටවත් නෑ... නෑ නෑ ඒම හිතුවට වැඩකුත් නෑ මොකෝ ඒම කොපියක් තියන එකෙක් කෝමවත් ඉන්න විදිහක් නෑ ඒක සත්තුන්ගේ මිනිස්සුන්ගේ ජෙනටික් කෝඩ් එකේ තියන වෙනස්වීම් නිසා තමා ඒම වෙන්නෙ...

~අන්න ඒ වගේ කෙනාගෙන් කෙනාට වෙනස් වෙන විශේෂ ස්ථාන මේ විදියට fingerprint sensor එකෙන් ලබාගෙන ඒක encrypted biometric key එකක් විදියට හෝ mathematical representation එකක් විදියට සේව් කරගෙන තියාගන්නේ.. ඒම ගත්තම මන් කලින් කීවට ඉමේජ් එකක් කියලා ඒක ඉමේජ් එකක් කියන්නේ අපේ ඇහැට දකින ඉමේජ් එකක් නෙවේ කේතයක් ඒ කියන්නේ binary code එකක් විදියට තමා සේව් කරගන්නේ. එතකොට ඔය කේතය නැවත වතාවක් ඉමේජ් එකක් විදියට reverse engineer කරගන්න බැරිවෙනවා.. එතකොට කාටවත්ම.. ඒ කියන්නේ FBI CIA ඔය මොකෙක්ටවත් යූසර්ගේ Fingerprint එක ආපහු හදාගන්න බෑ..

•FINGERPRINT එක මඟින් යම් දෙයක් ආරක්ෂා කිරීමේ වාසි.
~ඕනෑම ඉලෙක්ට්‍රොනික මෙවලමකට තමන්ගේ අනන්‍යතාව පෙන්වන්න ක්‍රම කීපයක්ම තියනවා. ගොඩක් Systems මේවගේ දේවල් කරනකොට එක් ක්‍රමයකට සීමා වෙන්නෙ නෑ මොකද එක ක්‍රමයක් bypass කරන එක හොඳ මට්ටමක ඉන්න hacker කෙනෙකුට ගේමක් නෑ. ඒ නිසාවෙන්,
          •ඔබට තියෙන දේ(What you have)
          •ඔබ දන්නා දේ(What you know)
          •ඔබ කවුද(Who you are)
කියන ඔය තුන සම්පූර්ණ කරන්න උවමනායි. ඒ හේතුවෙන් ඔබට තියන දේ පෙන්වීමට ගොඩාක් companies වල වගේම banks වල magnetic strip එකක් තියන කාඩ් එකක් ලබාදීම සිදු කරන්නේ.. ඒ වගේම ඔබට තියන දේ ඔබේම කියල තහවුරු කිරීමට ඒ කියන්නේ මේකෙ හැටියට ඔබ දන්නා දේ තවුරු කිරීමට පින් අංකයක් හෝ පාස්වර්ඩ් එකක් ලබාදෙන්නේ..
~ඔබ කවුද කියන එක තමා fingerprint එකකින් එහෙමත් නැත්තන් iris,retinal,voice,face වගේ දේවල් වලින් පරික්ෂා කරන්නේ..
~දැන් ඔහොම ගත්තම බයෝමෙට්‍රික් security වල තියන main advantages විදියට,

                        •ඒවගේ ෆේක් කොපි හදන්න බොහොම අමාරුයි. ඒකියන්නේ දැම් නිකන් පාස්වර්ඩ් එකක් උස්සනවා වගේ කාටවත් fingerprint එකක් උස්සන්න බෑනේ. ආය පින් එකක් ගෙස් කරාට fingerprint එක ගෙස් කරන්න බෑනේ. ඒ නිසා ඒවගේ security වැඩියි. ආයෙ passwords,pin codes වගේ fingerprints අමතක කරන්න බෑ. ඒ නිසා ඒවගේ නැතිවීමේ සම්භාවිතාව 0% කට ආසන්නයි. ආයෙ magnetic srip card, ID card වගේ fingerprint එක අමතක කරලා දාලයන්න බෑ කොහෙවත්.

~මෙන්න මේ වගේ හේතු කීපයක් නිසාවට biometric sensor වල security එක වගේම යූසර්ට තියන පහසුතාවයත් වැඩි වෙනවා.  අන්න ඒ හේතුව නිසාවෙන් දැන් දැන් කාර්යාල වල වගේම ජංගම දුරකතන, ලැප්ටොප් පරිගණක, ටැබ්ලට් වගේ තාක්ෂණික උපකරණ වලටත් භාවිතය වැඩිවෙලා තියනවා.

~මෙහෙම මේ තාක්ෂණයේ දියුණුව එක්කම අපිට නොබෝ කාලයකින් කරදරකාර අමතකවෙන passwords, pin codes අවශ්‍යතාවයකින් තොරව තාක්ෂණික උපකරණ වගේම Facebook,Twitter වගේ සමාජ ජාල පරිහරණයටත් අවස්ථාවක්  ලැබෙයි කියලා හිතමු.

~බොහොම ස්තුතියි මෙච්චර boring පෝස්ට් එකක අග වෙනකල් කියෙව්වට. වැරදි තියනවානම් කියන්න.තවත් දවසකින් හමුවෙමු. ජය!!


Android ඩයල්ස් sms alert service එකට reg වෙලා blog එක update කලසැනින් නොමිලේම sms alert ලබාගැනීමට follow DIALSCREW ලෙස යොදා 40404 sms එකක් යවන්න

3 comments:

  1. වැදගත් post එකක් :) දිගටම ලියමු ජය!! (y)

    ReplyDelete
  2. වැදගත් post එකක් :) දිගටම ලියමු ජය!! (y)

    ReplyDelete

Powered by Blogger.