Header Ads

මොනවද මේ UFS Cards

Samsung UFS Cards

අපේ කට්ටිය MicroSD නම් අහල නැති වෙන්න බෑනේ නේද, එත් මොනවද මේ UFS Cards ?? කෙටියෙන් කිව්වොත් UFS එහෙම නැත්තන් Universal Flash Storage කියන්නේ MicroSD Cards වල පරිණාමය කිව්වොත් හරියටම හරි


මේවා දැනට නිෂ්පාදනය කරලා තියෙන්නේ අපි කව්රුත් දන්නා  Samsung Electronics සමාගමේ.. මේකෙ තාක්ෂණික පැත්ත ගැන කිව්වොත් JEDEC Universal Flash Storage (UFS) 1.0 Card Extension Standard එකට තමා මේ Card නිෂ්පාදනය කරලා තියෙන්නේ.. Samsung  සමාගම පෙන්වා දෙන විදියට මේ UFS Card වලට Read Speeds එක 530MB/s සහ Write Speeds එක 170MB/s වගේ ලොකු Speed එකක් තියෙනවා.. (පිස්සු වගේ නෙහ් :3 ) ඒ කියන්නේ තත්පර 10 වගේ කෙටි කාලයකදී 5GB ප්‍රමාණයේ  Full-HD movie එකක් උනත් මේ UFS Card එකකින් Read කරගැනීමේ හැකියාව තියෙනවා.. 

32/64/128/256GB Sizes වලින් UFS Cards ඉදිරියේදි මිලදී ගන්න හැකියාවේවි.. 



මේ ගැන Reviews කරපු Tech Geeksල පෙන්නලා දෙන විදියට මේ UFS Cards ඉදිරියේදි විවිද උපකරණ හා ක්ෂේත්‍ර වලට යොදාගන්න පුළුවන් ප්‍රයෝජනවත් සොයාගැනීමක්..

EX :- 
  • Drone Camera වලට
  • Action cameras වලට
  • VR එහෙම නැත්නම් Virtual Reality නිර්මාණයට 


හැබැයි මේ pic දිහා හරියට බැලුවොත් ඔයගොල්ලොන්ට පෙනෙයි සාමාන්‍ය MicroSD එකකට වඩා මේකෙ හැඩය වෙනස් කියල.. 

කෙලින්ම කිව්වොත් මේක සාමාන්‍ය MicroSD Slot තියෙන Devices එක්ක Use කරන්න බෑ.. කොටින්ම දැනට UFS Cards Support කරන Device එකක්වත් නෑ..  හැබැයි  ඉදිරියේ එන්න තියෙන Samsung Note 7 එකේ ඉදන් ඉස්සරහට UFS Card Support කරන Devices අපිට බලාගන්න පුළුවන් වෙයි..  

තවත් අලුත් දෙයක් එක්ක දැනුම බෙදාගන්න සෙට් වෙමු.. 

No comments:

Powered by Blogger.