Header Ads

Mi A1 එකට Google pixel 2 එකේ වගේ front cam portrait ඕනෙද??


Mi A1 එකට Google pixel 2 එකේ වගේ front cam portrait ඕනෙද??




Xiaomi Mi A1 ඇන්ඩ්‍රොයිඩ් වන් ඩිවයිස් එකේ ඕරියෝ අප්ඩේට් එකෙන් පස්සෙ ගූගල් පික්සල් කැම් එක පෝර්ට් කරලා ඒකෙන් portrait mod ඔන් කරගන්න පුලුවන්.

ඒක සරලවම කරන්නෙ මෙන්න මෙහෙමයි,
01.ඔයාෆෙ පීසී එකට android-sdk දාගෙන ඒ කරලා ADB SHELL එක රන් වෙන විදියට හදාගන්න. ඒක කරන්න දන්නෙ නැත්තන් පිඩ්ඩක් YOUTUBE එක පැත්තෙ රවුමක් ගහල බලන්න.

02.මෙන්න මේ ලින්ක් එකේ තියන ෆයිල් ටික ඔක්කොම ඩව්න්ලෝඩ් කරගන්න(https://drive.google.com/drive/folders/1O2flD4X_zFaiQqtvO8xd5s0TeR0nanYl?usp=sharing).

03. දැන් ඔයාගෙ MI A1 එකේ SETTINGS වලට ගිහින් ඒකෙ යටම තියන SYSTEM එකට යන්න. ඒකරලා ABOUT PHONE ගිහිල්ලා ඒකෙ BUILD NUMBER එක උඩ 6ය 7ත් පාරක් ටැප් කරන්න එතකොට CONGRATULATIONS YOU ARE NOW A DEVELOPER කියල මැසේජ් එකක් එයි.

04.ඊට පස්සෙ SYSTEM එකට ගියාම තියනවා DEVELOPER OPTIONS. ඒකට ගිහින් "OEM UNLOCKING " සහ "USB DEBUGGING" ඔන් කරන්න.

05. දැන් ඔයා පීසී එකට ගිහින් මන් දුන්න ලින්ක් එකේ තියන ෆයිල් වලින් CAMERA2API-ENABLER.ZIP, MAGISK MANAGER.APK,GC MOD5.APK සහ MAGISK-PERMISSIVE-SCRIPT_V1.1.ZIP කියන ෆයිල් හතර ෆෝන් එකට කොපි කරගන්න.

06.ඒ කරලා PTCHED_BOOT.ZIP කියල තියන එක EXTRACT කරගන්න. ඒකෙ එන PATCHED_BOOT.IMG ෆයිල් එක ඔයාගෙ පීසී එකේ ANDROID-SDK වල PLATFORM-TOOLS වලට කොපි කරගන්න.

07.දැන් ෆෝන් එක ඕෆ් කරලා POWER BUTTON + VOLUME DOWN BUTTON දෙක එකපාර ඔබාගෙන ඉන්න. එතකොට ෆෝන් එක FASTBOOT MOD එකට වැටෙනවා.

08. දැන් පීසී එකට ගිහින් ඒකෙ PLATFORM-TOOLS වලට යන්න. ඒකරලා SHIFT එක ඔබාගෙන RIGHT CLICK එක ඔබන්න එතකොට එනවා OPEN COMMAND WINDOW HERE කියලා හරි OPEN POWER_SHELL WINDOW HERE කියලා හරි. ඒක ක්ලික් කරන්න. එතකොට ඔයාව COMMAND OR POWERSHELL වින්ඩෝ එකට යනවා.

09. එහෙම ගියාට පස්සෙ මෙන්න මේ කෝඩ් එක ඒ විදිහටම ටයිප් කරන්න
"fastboot devices" ඒකරල enter ඔබන්න එතකොට ඔයාගෙ ඩිවයිස් එක අරගෙනනම් තියෙන්නෙ පීසී එකට "d644a3f0s04 fastboot" වගේ මැසේජ් එකක් ඒවි. එතකොට ඔයාගෙ ෆෝන් එක පීසී එකට අරන් තියෙන්නෙ. දන් ඔයා මෙන්නෙ මේ කෝඩ් එක ටයිප් කරන්න "fastboot oem unlock".

10. ඒක ටයිප් කරල enter කරාට පස්සෙ විනාඩියකින් විතර ෆෝන් එක on වෙයි එහෙම උනේ නැත්තන් විතරක් මෙන්නෙ මේ කෝඩ් එක දෙන්න "fastboot reboot".

11. දැන් ආයෙම ෆෝන් එක fastboot mod එකට දාගන්න off කරලා. දැන් ආයෙම පීසී එකට ගිහින් මෙන්න මේ කෝඩ් එක දෙන්න "fastboot boot patched_boot.img". ඒක දීලා විනාඩියකින් විතර ෆෝන් එක ඔන් වෙයි.

12.ඊට පස්සෙ පීසී එක පැත්තකින් තියලා ෆෝන් එක අතට ගන්න. දැන් ඒකරලා අර කලින් ෆෝන් එකට දාගත්ත magisk manager.apk එක ඉන්ස්ටෝල් කරගන්න. ඒකරලා ඒක ඕපන් කරාම සමහර වෙලාවට ඇප් එක අප්ඩේට් කරන්න එයි. එතකොට ඒක අප්ඩේට් කරන්න.

13.ඊට පස්සේ magisk manager එකෙන් ආයෙම magisk.zip එකක් ඉන්ස්ටෝල් කරන්න ඉල්ලයි. එතකොට ඒක ඉන්ස්ටෝල් දීලා ඒකෙ එන 3වෙනි option එක ඒ කියන්නෙ direct install කියන එක දෙන්න. එහෙම එකක් ආවෙ නැත්තන් නිකන්ම ඇප් එකේ තියන ඉන්ස්ටෝල් කියල බටන් එක ඔබලා direct install දෙන්න.

14. ඒකරලා ඒක ඉන්ස්ටෝල් උනාට පස්සේ ෆෝන් එක රීස්ටාර්ට් කරන්න. ඒකරලා ආයෙම magisk manager එකට ගිහින් ඒකෙ වම්පැත්තෙ උඩ තියන ඉරි තුන ටැප් කරලා modules කියල තියම එකට යන්න. ඩිස්ප්ලේ එකේ යට මැදම තියන + එක ඔබලා අර කලින් දාගත්ත CAMERA2API-ENABLER.ZIP සහා MAGISK-PERMISSIVE-SCRIPT_V1.1.ZIP කියන zipෆයිල් දෙකම ඉන්ස්ටෝල් කරගන්න.

15.දැන් GC MOD5 APK එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. ඒකරලා ඒ ඇප් එක ඕපන් කරලා වම් පැත්තෙ උඩම තියන ඉරි තුන ටැප් කරන්න. ඒකරලා SETTINGS ව්ලට ගිහින් මෙන්න මේ විදියට SETTINGS හදාගන්න,

Config camera HDR+ =nexus 6p
Model = nexus 6p
Debugging and tools වල,
camera.faceboxes කියන එකට ටික් එකක් දාලා ඊට යටින් තියන
Camera.af.debug.show කියන එකේ ටික් එකක් තිබ්බොත් ඒක අයින් කරන්න.

16. ෆෝන් එක ආයෙම restart කරලා GCMod5 ඇප් එකට ගිහින් බලන්න portrait on කරලා front back කැම් දෙකෙන්ම portrait වැඩ.

සැම්සුන්ග් S සීරීස් එකේ exynos තියන අයට portrait ඕනෙනම් කියන්න.

1 comment:

Powered by Blogger.